78 views 0 secs 0 comments

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා…

In Local News
May 21, 2025

පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙරවරු 9.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 සීඝ්‍රගාමී දුම්රියයි.

ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත අනෙකුත් දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බව දැනුම් දී ඇත.

එමෙන්ම පස්වරු 6.30ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියද පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දී ඇත.

අදාළ දුම්රිය තවමත් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැති බවයි වාර්තා වන්නේ.