වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
ඒ අනුව නිලධාරීන් 4,530 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, මේ හරහා විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කර හැකි වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව, මේ වනවිට කිලෝ මීටර් 5,000කට අධික ප්‍රමාණයක විදුලි වැට ව්‍යුහය ඉදිකර ඇති බවද ඔහු පැවසීය.
