881 views 0 secs 0 comments

දීපවාලි උත්සවය අදයි.

In Local News
November 04, 2021

ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි.

මේ අතර දීපවාලි දිනය වෙනුවනේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, දීපවාලි මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලු දෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවා යන්නයි.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීපවාලී දින පණිවිඩය නිකුත් කරමින් පවසන්නේ සියලු කරදර නිම වී නිරෝගීව සතුටින් ජිවිතය ගෙවීමට සියලු දෙනාට කාලය උදාවේවා යනුවෙනුයි.

දීපවාලී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, වර්තමානයේ ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා උවදුර නමැති නපුර පරාජය කිරීමට දීපවාලි දිනයේදී ප්‍රාර්ථනා එක් කරන බවයි.