261 views 0 secs 0 comments

දුම්රිය වැඩ වර්ජනයක්…..

In Local News
June 30, 2021

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීම නිසා මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේය.

මගීන්ට දුම්රිය ධාවනය අඩාලවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.