218 views 0 secs 0 comments

අද දින හුදකලා කල ප්‍රදේශ…..

In Local News
June 30, 2021

අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..
කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමේ දිවිතුරුවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරි වසමට අයත් දේවාලකන්දවත්ත කොටස හා ගොඩම්පල ග්‍රාම නිලධාරි වසමට අයත් පඹේගම වත්ත කොටස, වරකාපොල පොලිස් වසමට අයත් හල්ලව ග්‍රාම නිලධාරි වසමේ නියදුරුපොල අංක 1,2,3,4 යන වතු නිවාස හා මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් වසමට අයත් කනුල්වෙල ග්‍රාම නිලධාරි වසම මෙලෙස හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ..

එමෙන්ම අද දින හුදකලා බවින් ඉවත් වන ප්‍රදේශ පිලිබඳ විස්තර පහත දැක්වේ..