
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 167ක් ලබාගත්තේය.
එහිදි ක්වින්ටන් ඩි කොක් ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 168ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රිඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 166ක් පමණයි.
දෙරට අතර තරඟ 05කින් සමන්විත තරඟාවලිය දෙකට එකක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගෙන සිටී.