225 views 0 secs 0 comments

වසර 44කට පසුව ලැබුණු ටෙනිස් ශූරතාවය….

In Sports, World News
September 12, 2021

බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානෝ ඊයේ (11) නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය මෙසේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් හිමිකරගෙන තිබෙන්නේ වසර 44කට පසුවයි..

එහිදී එමා රෙඩුකානෝ විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස් පරාජයට පත්කර ඇත.

එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් රැජිණ ද සිය සුබ පැතුම් එක්කර ඇති බව සඳහන් වේ.