356 views 0 secs 0 comments

පාන් මිල ඉහල යාමේ ලකුණු….

In Local News
July 01, 2021

තිරිඟු පිටි මිල සංශෝධනය නොකරන්නේ නම් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ සමඟම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු 5 – රු 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එම්.කේ. ජයවර්ධන මහතා පවසයි.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා පිටි වර්ගවල මිල පසුගිය සිකුරාදා සිට රු 18කින් ඉහළ නැංවීමත් සමඟ මෙම තීරණය ගත් බව ද එම්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේය.