200 views 0 secs 0 comments

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට …

In Local News
September 19, 2021

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබු හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) උදෑසන බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

පසුගියදා බම්බලපිටිය, කොතලාවල ඇවිනිව්හි පිහිටි පෞද්ගලික ඉඩමකට ඇතුළු වී එහි ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට ඔහු විසින් පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබුණි. පහරදීමෙන් එක් ආරක්ෂක අංශ සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පහරකෑමට ලක් වූ අදාළ ඉඩමේ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේය.

කෙසේ වුවද අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති බවට වාර්තා වේ..