170 views 0 secs 0 comments

31 පසු අන්තර් පළාත් සංචරණ සීමා අවසන්…

In Local News
October 29, 2021

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර තිබෙනවා.