178 views 0 secs 0 comments

සපුගස්කන්ද නැවත වැඩ ඇරඹීමට සූදානම්…

In Local News
December 07, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවත්, තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මේ වන විට මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි.

ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටවන ලදී.