Connect with us

world-news

ආර්ජන්ටිනාවේ උපජනපතිනියට වසර 6ක සිර දඬුවමක්…

Published

on

මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ.

අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි.

කෙසේ වුවද හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ආර්ජන්ටිනාවේ උපජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙයයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජනාධිපති, ජෝන් කෙරී මහතා අතර හමුවක්…

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිහිදී පැවැත්වෙන COඵ් 28 සමුළුව අතරතුරදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ.

එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු මෙන්ම, දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Continue Reading

world-news

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් අභාවප්‍රාප්ත වේ.

Published

on

By

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ. 1923 ජර්මනියේ දී උපත ලද ඔහු මිය යන විට 100 හැවිරිදි වියේ පසු වුණි.

අමෙරිකානු ජනාධිපතිවරුන් වන රිචඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් පාලන සමයේදී හෙන්රි කිසිංජර් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයේ නිරතව තිබෙන අතර සිය සේවා දිවිය තුළ අමෙරිකානු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල මතභේදාත්මක භූමිකාවක් ඉටුකරනු ලැබු අයෙකු ලෙස ද ‍ඔහු සැලකේ.

Continue Reading

world-news

ඊශ්‍රායල්, හමාස් සටන් විරාමය දින 2කින් දීර්ඝ කරයි…

Published

on

By

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළැ කටාර් බලධාරීන් සන්දහන් කලේ, සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බවයි.

සිකුරාදා සිට මේ දක්වා, ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළුව හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.

එමෙන්ම මෙම සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුමේ හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් වන අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි. ඒ අතුරින් 6000ක් දරුවන් ය.

Continue Reading

ප්‍රවණතාවන්