215 views 0 secs 0 comments

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ පිපිරීමක්….

In World News
December 07, 2022

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන දේශසීමාව සමීපයේ උතුරුදිග බල්ක් නගරය ආසන්නයේ සිදුවූ එම පිපිරීමේ ඉලක්කය වී තිබුණේ කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයකි.

කෙසේ වුවද මෙම පිපිරීම සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව පැහැදිලි කර නොමැත.