
වෙනිසියුලාවේ, කැරකස්හි පොලීසිය සහ කල්ලි සාමාජිකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කල්ලි සාමාජිකයින් 22දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු හා සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තවත් 40දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
එහිදී පතොරම් 24,000ක් සහ ආයුධ තොගයක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
ආරක්ෂක භටයින් 800ක් පමණ පීඩාවට පත් ප්‍රදේශවලට යොදවා ඇති අතර ඔවුන් නිවසින් නිවසට ගොස් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.