අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හා එය අනුමත කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධව ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය සහ පිලිපීනය වැනි රටවල විරෝධතාකරුවන් වීථිගතව මෙම ප්‍රහාරය හෙළා දැක්වූහ.
විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම තවත් තීව්‍ර කර ඇති බවයි.
