ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා.
BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක මුක්තාද් අල් සදාර් ට සහාය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇති බවයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාරයන් දියත් වුණත් පිරිස විසින් අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබුණා.
