69 views 0 secs 0 comments

ජපානයේ පිපිරීමක්….

In World News
May 27, 2025

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාම හේතුවෙන් බවද වාර්තා වන අතර, පිපිරීමෙන් පසුව ආරක්ෂක හා බේරාගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ.

කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.