200 views 0 secs 0 comments

නවසීලන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහි ඇනුමක්…

In World News
May 10, 2021

අද (10) දහවල් නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

එක සැකකරුවෙක් ව මේ වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කල අතර එරට අගමැතිනී, ජසින්ඩා අර්ඩන් පැවසුවේ පිහි ඇනුම ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එය ත්‍රස්තවාදී සිදුවීමක් ද යන්න අපැහැදිලි බවය.