193 views 0 secs 0 comments

නොච්චියාගම මාරක රිය අනතුරක්….

In Local News
May 09, 2021

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ගල් අඟුරු පටවා තිබී ඇති කන්ටේනර් රථය පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
තුවාල ලැබු සිව්දෙනා අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර
ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවු ආකාරය පිළිබඳ මේ වන විට නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.