97 views 0 secs 0 comments

ඇපල් හා මෙටා සමාගම් වලට දඩ….

In Tech, World News
April 24, 2025

යුරෝපා සංගමය, ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දැඩි දඩ මුදල් පනවා තිබේ.

ඒ අනුව, ඇපල් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 570ක්ත්, මෙටා සමාගමට ඩොලර් මිලියන 228ක්ත් වශයෙන් දඩ පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම දඩ පනවා ඇත්තේ, මෙම සමාගම් යුරෝපා සංගමයේ ඩිජිටල් වෙළෙඳපොළ පනත යටතේ තිබෙන නීති කඩකළේයැයි පවසා ඇති චෝදනා මතය.

අදාළ විමර්ශනය වසරක පමණ කාලයක් පැවැති අතර, එහි අවසන් වාර්තාව මත මෙම තීරණය ගත් බවද වාර්තා පෙන්වා දෙයි.