2 views 1 sec 0 comments

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම් වංචා වැඩි වෙයි….

In Local News, Tech
November 04, 2025

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව තත්පරයෙන් වැඩිවෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

වට්ස්ඇප් සමූහ භාවිතයේදී මෙම වංචාකාරී ක්‍රියාවන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වංචාකාරයින් සමාජයේ පිළිගත් පුද්ගලයින්ගේ දුරකථන අංක භාවිතා කරමින් Zoom සාකච්ඡා හෝ සමුළුවක් ලෙස පෙනෙන පණිවුඩයක් එවා, එහි ලින්ක් මඟින් OTP අංක ඉල්ලීමෙන් පසු වට්ස්ඇප් ගිණුම් අත්පත් කරගෙන එම ගිණුමට අයත් මිතුරන් වෙත මුදල් ඉල්ලීම් යවන බවයි.

ඒ අනුව, වට්ස්ඇප් මඟින් ලැබෙන සැකසහිත පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.