ශ්‍රී ලාංකීය ජනතාවට සුවිශේෂී ආගමික හා ඉතිහාසමය සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස පොසොන් පොහොය සැලකිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පොසොන් පොහොය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, මෙම දිනයෙන් උරුම වූ විශිෂ්ට වටිනාකමක් වන්නේ අවිහිංසාව යන්න බවයි. තමන්ගේද අනෙකාගේද ජීවන නිදහස සහ අයිතිය ආරක්ෂා වන සනාතන වටිනාකමක් ලෙස අවිහිංසාව සියලු දෙනාගේ හදවත් තුළ රඳවා ගැනීම වැදගත් යැයිද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියද තම පණිවුඩයේදී සදහන් කළේ, අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට ගෙන ආ සදහම් මඟ යළි යළිත් සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් හරහා ජීවිතයට ආලෝකය සහ සාමය ලබා ගැනීම අතිශයින් වැදගත් බවයි.
පොසොන් පොහොය ශ්‍රී ලංකාවේ ජනතාවට ආගමික, සංස්කෘතික, සමාජීය හා ආර්ථිකය පවා පුනරුදයකට මඟ හැරූ දිනයක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි.