මෙරට බුදු ශාසනය පිහිටුවීම සිහිපත් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (10) යෙදී ඇත.
මෙම දිනට අයත් විශිෂ්ට සිදුවීමක් ලෙස, මිහිදු මහ රහතන් වහන්සේ ධර්ම දූත පිරිසක් සමඟින් ලංකාවට පැමිණීම සිදුවී ඇත. එයත් සමඟින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත විය.
අනුරාධපුර මිහින්තලා පර්වතයට පැමිණි මිහිදු මහ රහතන් වහන්සේ, එවකට රාජධානිය පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයට පිහිටුවා “චුල්ලහත්ථි පදෝපම සුත්‍රය” දේශනා කළේ ද මෙම පොහොය දිනයේය.
එසේම, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේදී රුවන්ගෙයි වැඩ හිදී ප්‍රථම වරට සවණක් විහිදූ බවත්, එයද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ බවත් බෞද්ධ ඉතිහාසය සඳහන් කරයි.
තෙවැනි ධර්ම සංගායනාවද මෙම අරුතබර පොහොය දිනයේදී පැවැත්වී තිබේ.