203 views 0 secs 0 comments

හිටපු ජනපතිගෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්….

In Local News, Politics
September 11, 2021

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා..

බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.