205 views 0 secs 0 comments

සංශෝධනය කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක්…

In Health, Local News
August 19, 2021

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු වේ. එයට තදින් ම අනුගත විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව එක් නිවසකින් දෛනික අවශ්‍යතා සඳහා බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණක් වන අතර රැකියා සඳහා පිටත්ව යන අයට සාමාන්‍ය පරිදි බැහැරව යා හැකි බවය.