
ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.