ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඊයේ (2025 ජුනි 06) විශේෂ නිරීක්ෂණයකට එක්වුණා.
මෙම නිරීක්ෂණයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, චීනයේ CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වේ. 2019 වසරේ ආරම්භ වූ ව්‍යාපෘතිය, මෙරට ආර්ථික අර්බුදයත් සමඟ තාවකාලිකව පමාවට ලක්වූ නමුත් මේ වන විට අවසාන අදියරට ළඟා වී ඇත.
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු මාසයේදී ජනතා භාවිතයට පත්කරන බවට බලාපොරොත්තු වන බවයි.
මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු වරාය ආශ්‍රිත ගමනාගමන පහසු කරමින්, කාලය සහ ඉන්ධන වැය පමණක් නොව, ආර්ථික වශයෙන්ද විශාල ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.