Connect with us

Local News

අග්‍රාමාත්‍යවරියගෙන් හජ් ශුභාශිංසන පණිවුඩය..

Published

on

ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද,  සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති. 

එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ,  ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර  හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය.

මන්ද අපගේ රජයේ අරමුණ වන්නේ ද සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී  ජන සමාජයක් රටතුළ නිර්මාණය කිරීම ය.

 නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම  පිළිවෙත, ඉස්ලාම් දහමේ පරිත්‍යාගශීලිත්වය ප්‍රකට කරන සුවිශේෂී අවස්ථාවකි.

ඒ අර්ථයෙන් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී, ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ටම මහැඟි ආදර්ශයක්  බව මාගේ හැඟීමයි.

සාමය, සාධාරණත්වය, මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජයන අනාගතයක්  උදෙසා ජාති භේදයෙන් තොරව,  එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා  උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්