161 views 0 secs 0 comments

ජවිපෙ නායකයාට සිදු වු බිත්තර ප්‍රහාරය පිළිබඳ ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්

In Local News, Politics
January 31, 2022

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර දැමීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා විය.
සිද්ධියට තමා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තා තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන අමාත්‍ය රණතුංග මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් මේ වන විටත් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් කළ අමාත්‍ය රණතුංග මහතා, වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවද පැවසීය.