25 views 0 secs 0 comments

අනිල් ජයන්ත සහ නිශාන්ත ජයවීර මුදල් අමාත්‍යාංශයේදී ධුර භාරගනිති

In Local News
October 13, 2025

අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස, නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී ධුර භාරගෙන වැඩ භාරගත්හ. අනිල් ජයන්ත ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයක් වරප්‍රසාදයක් නොව වගකීමක් බවත්, එය ඉතිහාසයට එක් වූ අදහසක් බවත් පැවසීය. නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ නැඟීමට දායකත්වය ලබා දුන් නිලධාරින් රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමට සහාය ලබා දෙනු ඇති බව විශ්වාසය පළ කළේය. මෙම අවස්ථාවට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ නිලධාරීහු එක්ව සිටියේය.