
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්‍ය මණ්ඩල එකගතාවයක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව බැංකුව මෙම එකගතාවයට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අතර මෙම මුදල් මාස 48ක කාල සීමාවක් සඳහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.