186 views 0 secs 0 comments

අද සිට ක්‍රියාත්මක ජල ගාස්තු සංශෝධනය….

In Local News
September 01, 2022

ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌ වන අතර
නව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති.

ජල ඒකකයක් ලෙස සැලකෙන්නේ ලීටර් 1000 කි.

පැවති මිල ක්‍රමය අනුව ජල ඒකක 15 ක් පරිහරණය කරන සාමාන්‍ය නිවසක ජල බිල රුපියල් 310 ක් වූ අතර නව සංශෝධිත මිල අනුව ඒකක 15 ක් භාවිත කරන නිවසක ජල බිල්පත රුපියල් 705 ක් වනු ඇති.