78 views 0 secs 0 comments

පතාලය සහමුලින් අවසන් කරනවා – ජනපති

In Local News
February 21, 2025

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව පෙන්වා දී සිටියා.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී සිටියා.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කර ඇති බව පෙන්වා දී සිටියා.

ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසා තිබේ.