158 views 0 secs 0 comments

2022 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ.

In Local News
September 05, 2022

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ශිෂ්‍යත්වය සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.
2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වී 2023 ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.