
අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 588ක් හඳුනාගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි අය වේ.
මේ අතරින් වැඩිම ආසාදිතයන් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 158ක් වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 43ක්ද, 236 දෙනෙකු දිවයිනේ සෙසු ප්‍රදේශ වලින්ද වාර්තා වී ඇත.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් ගණන 49,539ක් වන අතර ඉන් 42,620ක් පූර්ණ සුවය ලබා රොඅහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,675ක් වේ. එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 244ක් බව වාර්තා වේ.
තොරතුරු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…