
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරංචි මාර්ග වලට අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම සලකා බලමින් සිටින බවයි.
“මහජනයාට තම නිවෙස්වල ඇති විවිධ බල්බ සහ විදුලි පංකා භාවිතා නොකර වාඩි වී බලා සිටීමට සිදුවනු ඇත. එවැනි තත්ත්වයකට රට වැටී තිබෙනවා” යැයිද ඇමැතිවරයා කීය.
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසර දෙකක කාලයක් රට තුළ ඇති වූ කොරෝනා වෛරස් වසංගතයේ බලපෑම් සහ යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මීට පෙර කියා සිටියේ නුදුරේදීම විදුලි ගාස්තු වැඩි නොකරන බවයි.