591 views 0 secs 0 comments

කොවිඩ් රෝගීන් වාර්තා වීම 8 ගුණයකින් ඉහලට…

In Local News
April 20, 2021

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, ඵ්Cර්‍ පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවය.

නමුත් පසුගිය 15 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් එම ප්‍රමාණය පුද්ගලයින් 10ක් ලෙසත්, සිකුරාදා දිනයේ දී පුද්ගලයින් 15ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද වෛද්‍යවරයා පැවසීය.