
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද (6) ආරම්භ වේ. පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩු කාලය ඉරිදා (5) අවසන් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ජුනි මස 17 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2022 ජූලි මස අවසන් වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා පැවසීය.