97 views 0 secs 0 comments

රාත්‍රී කාලයේ දුම්රිය ගමන් සීමා කෙරේ..

In Local News
October 22, 2024

වන අලි වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.ඇත අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය සඳහා පමණක් දැනට අදාළ කාලසටහන් සංශෝධනයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඒ අනුව, අලුයම 01 ත් 05 ත් අතර කාලයේ හඳුනාගෙන ඇති ස්ථාන හරහා දුම්රිය ධාවනය සීමා කෙරෙන අතර මඩකලපුව සහ ත්‍රිකුණාමලය මාර්ගවල ධාවනය කෙරෙන ඉන්ධන ප්‍රවාහන දුම්රිය සඳහා නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සමග සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.