Connect with us

Local News

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්….

Published

on

ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත.

එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ,

ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය – ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඒ. අයි. යූ. පෙරේරා මහතා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එම පනතේ 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03ක් වේ.

එසේම, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කරනු ලැබිය යුතුය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

චීන රජයෙන් ගංවතුර ආධාර…

Published

on

By

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USඪ් 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qඉ Zහෙන්හොන්ග් මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ. එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

Local News

බස් රථ දෙකක් එකිනෙකට ගැටේ….

Published

on

By

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

Continue Reading

Local News

සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ – ජනපති

Published

on

By

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත්, සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවේදීය.

වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියේය.

අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්