මෙරට සංචාරයක නිරත ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදීමට සූදානම් බව සඳහන් කර තිබේ.
ලෝක බැංකු සමූහය නිකුත් කළ නිවේදනයක් අනුව, වසර තුනක් තුළ මෙම ආධාරය ලබාදීම නියමිතය. එමඟින් බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක හා කලාපීය සංවර්ධන ක්ෂේත්‍ර අවධානයට ගනිමින් රැකියා හා ආයෝජන වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නා බවද සඳහන් වේ.
අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නිවේදනයේ දැක්වෙන පරිදි, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයක් සමීප සංඛ්‍යාවක් ඇතුළුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි. එහෙත්, එම කාලය තුළ රැකියා අවස්ථා 300,000ක් පමණ නිර්මාණය විය හැකි බවද ඇස්තමේන්තුවක් විදියට එම සංවිධානය පෙන්වා දෙයි.
සම්පූර්ණ නිවේදනය පහතින්: