103 views 1 sec 0 comments

උද්ධමනය ඍණ අගයකට….

In Local News
October 21, 2024

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය.

2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වාද, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වාද අඩු වී ඇත.