79 views 0 secs 0 comments

මැතිවරණ පැමිණිලි 400 ඉක්මවයි…

In Local News
October 20, 2024

ගතවූ දිනයේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 58ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබී ඇති සමස්ථ පැමිණිලි වලින් 309ක්ම මේවන විටත් විසඳා ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.