
හෙට (05) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බැවිනි.
ඒ අනුව හෙට පස්වරු 6.00 සිට බදාදා පෙරවරු 6.00 දක්වා ජාඇළ, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශය, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශය සභා බලප්‍රදේශ සහ ජාඇළ සහ ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ලබයි.