ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියා
අනතුර හේතුවෙන් මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වන අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර තිබේ.
හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.
