Connect with us

world-news

ඉරානය-ඊශ්‍රායල ගැටුම: සෘජුව සම්බන්ධ වන්නේද යන්න ඉදිරි සති 2 තුළ තීරණය වනු ඇත – ට්‍රම්ප්

Published

on

ඉරානය සහ ඊශ්‍රායලය අතර උණුසුම් යුධ තත්ත්වය සම්බන්ධයෙන් සෘජු ඇමෙරිකානු සම්බන්ධතාවයක් පිළිබඳව ඉදිරි සති දෙක තුළ තීරණය වනු ඇති බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඔහු එමඟින් එල්ල කළේ සාකච්ඡාවකට හැකියාවක් පවතින බව විශ්වාස කරන බවත්, එය සලකා බැලිය යුතු බවත්ය.

ඉරානගේ ස්ථාවරය: ප්‍රහාර අතරතුර සාකච්ඡාවකට ඉඩක් නැහැ.

ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තම රටට එල්ල වන ප්‍රහාරවලදී සාකච්ඡාවකට ඉඩක් නැති බවය. ඒ වෙනුවට ප්‍රහාර නතර වූ පසු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දුනි.

ඉරාන බලධාරීන්ගේ ස්ථාවරය වන්නේ මෙම ගැටුම යුද්ධයකට වඩා ඇමෙරිකානු ක්‍රියාමාර්ගවල ප්‍රතිචාරයක් බවය.

ඊශ්‍රායලයේ තීරණය: න්‍යෂ්ටික තර්ජනය නවතා දමන්න.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයට නිමාවක් ලබාදීමට තම රට වගකීම් උරණ බවය.

ඔහු සඳහන් කළේ මේ වන විට ද එරට න්‍යෂ්ටික ව්‍යාපෘතිවලට දැඩි හානි සිදු කර ඇති බවත්, මෙහෙයුම අවසන් වූ විට ඊශ්‍රායලයට යුධ තර්ජනයක් නොමැති වනු ඇති බවත්ය.

ඊශ්‍රායලයට ඇති හානි…

ඊයේ දින ඉරානයේ ගුවන් ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 271 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සොරොකා රෝහලට පමණක් 71 ක් ඇතුළත් වී ඇත. මේ වන විට ගැටුම ආරම්භයේ සිටම 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉරානයට එල්ල වූ ප්‍රහාර සහ අලාභ….

ඊශ්‍රායලය විසින් ඉරානයේ කොණ්ඩාබ් ප්‍රදේශයේ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය ගබඩාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විකිරණ භීෂණයක් නොමැති බව ඉරාන මාධ්‍ය පවසයි.

ගැටුම ආරම්භයේ සිටම 224 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1,200 කට අධික වේ. මේ අතර, ඇමරිකාවේ මානව හිමිකම් සංවිධානයක් සඳහන් කරන්නේ මියගිය සංඛ්‍යාව 639 දක්වා ඉහළ යාමකි.

ඒ.ජා. ආරක්ෂක මණ්ඩලය විශේෂ රැස්වෙයි…

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද විශේෂ රැස්වීමක් කැදවා තිබේ.

ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවගේ ඉල්ලීම මත මෙම රැස්වීම කැඳවනු ලැබූ අතර, ඊශ්‍රායලයද ඒ සඳහා සහභාගී වන බව එරට තානාපති ඩැනී ඩැනන් පැවසීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

world-news

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් දැවැන්ත විනාශ…

Published

on

By

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත.

බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

කිලෝමීටර් 8ක ගැඹුරකින් ඇතිවූ මෙම භූකම්පනයෙන් කාබුල් සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය ද සෙලවී ගොස් තිබුණි.

ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් මේ වන විට සහන සලසා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල්ද ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන්නේ එරට ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථානයක පිහිටා ඇති බැවිනි. 2023 සහ 2022 වසරවලද එරට සිදු වූ භූකම්පනවලින් දහස් ගණන් මරණ සහ තුවාල වාර්තා වී තිබුණි.

Continue Reading

ප්‍රවණතාවන්