
අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.