
ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ.
අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බැවින් ඔහු වෙනුවෙන් කටයුතු කිරීමට , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (01) වගන්තිය ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති බවයි.