
කොළඹ 07, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය අසල ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ විරෝධතාවයක නිරත වෙති.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් තවත් විරෝධතාකරුවන් එම ස්ථානයට රැස්ව සිටියහ.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉල්ලා අස්විය යුතු බවයි.
අද දිනයේදී සිය ඉල්ලා අස්වීම භාරදෙන බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් මහජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.
මහජනතාව ඉල්ලා සිටින්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව.