Connect with us

Local News

අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

Published

on

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති ධූරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව ප්‍රමුඛ අනුනායක හිමි දෙපල ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Local News

WhatsApp හැක් කිරිම සම්බන්ධ පැමිණිලි ඉහලට…

Published

on

By

WhatsApp හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසා සිටියේ.

Continue Reading

Local News

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහලට…

Published

on

By

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින අතර නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Local News

කාළගුණ වාර්තාව….

Published

on

By

අද (02) දිනට අදලව නිකුත් කරන ලද කාළගුණ වාර්තාවට අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කර සිටියේ.

Continue Reading

ප්‍රවණතාවන්